Saturday, June 14, 2014

දහම් දැනුම බිදක් ඔබට 02 කොටස



දහම්  දැනුම බිදක් ඔබට  02 කොටස

ප්‍ර       සිදුහත් කුමරුගේ ප්‍රථම ප්‍රීති වාක්‍යය පියුම් සතක් මත පා තබමින් ගොස් සත්වන පියුමේ සිට කළ උදාන වාක්‍යයේ අදහස කුමක්ද
පී       මම ලොවට අගවෙමි ,මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි ,මම ලොවට ශේෂ්ඨ වෙමි ,නැවත මගේ උපතක් නොමැත ,මේ මගේ අවසන් උපතයි
ප්‍ර       සිදුහත් කුමාර උපත සිදුවුයේ කිනම් පොහෝය දිනකද
පි       වෙසක් පුර පසළොස්වක පොහොය දින
ප්‍ර       සිදුහත් කුමරුගේ සුලු මව් කවුද
පි       මහා ප්‍රජාපති ගෝතමී දේවිය
ප්‍ර       සිදුහත් කුමරුගේ උපත සිදුවූ දිනයේ උපන් වෙනත් අය කවුද
පි       යසෝධරා දේවිය ,කාළුදායී ඇමැති , ඡන්න ඇමැති ,කන්ථක අශ්වයා
ප්‍ර       මහා ප්‍රජාපති ගෝතමී දේවියගේ පුතා කවුද
පි       නන්ද කුමරුන්
ප්‍ර       සිදුහත් කුමරු බුදුවන බව මුලින්ම පැවසුවේ කවුරුන්ද
පි       අසිත තවුසා
ප්‍ර       සුද්ධෝදන රජතුමා විසින් තම පුත් සිදුහත් කුමරු වෙත පළමු වතාවට වැන්දේ කවදද
පි       සිදුහත් කුමරු බුදුවන බව පවසමින් අසිත තවුසා කුමරුට වැනද අවස්ථාවේ
ප්‍ර       සුද්ධෝදන රජතුමා විසින් තම පුත් සිදුහත් කුමරු වෙත දෙවන  වතාවට වැන්දේ කවදද
පි       වප්මගුල් දිනයේදී
ප්‍ර       මහමායා දේවිය මියගියේ සිදුහත් කුමාර උපතින් පසු කී වෙනී දිනදීද
පි       සතියකින් (දින හතකට පසු )
ප්‍ර       සිදුහත් කුමරුවන්ට නම් තැබීමේ උත්සවයට පැමිනී බමුණන් සංඛ්‍යාව කොපමණද
පි       බමුණන් 108
ප්‍ර       මේ බමුණන් අතරින් සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුදුවන බව පැවසුවේ කවුද
පි       කොණ්ඩන්ච්ච්ච  නම් බමුණ

දහම් දැනුම බිදක් ඔබට



දහම්  දැනුම බිදක් ඔබට  
ප්‍ර       බෝසතුන් නීයත විවරණ ලැබුවෙ කුමන බුදුරජාණන් වහන්සේගෙන්ද
පී       දීපංකර බුදුරජාණන් වහන්සේගෙනී
ප්‍ර       බෝසතුන්ගේ පියාණන් කවුද
පි       සුද්දෝදන රජතුමා
ප්‍ර       බෝසතුන්ගේ ම්ව්තුමිය කවුද
පි       මහාමායා දේවි
ප්‍ර       සුද්දෝදන රජතුමාගේ පියා කවුද
පී       සිංහහනු
ප්‍ර       සුද්දෝදන රජතුමාගේ සොහොයුරු සොයුරීයන් කවුරුන්ද
පී       ශුක්ලෝදන ,දෝතොදන ,අමිතෝදන ,මිතෝදන,අමිතා ,ප්‍රමිතා
ප්‍ර       බෝසතුන්ගේ කුමාර අවදියේ නම කුමක්ද
පී       සිදුහත් (සිද්ධාර්ත )
ප්‍ර       සුද්ධෝදන රජතුමාගේ රාජ්‍යය පිහිටා තිබුනේ කොහෙද
පි       කපිලවස්තුපුර (කිබුල්වත්පුර)
ප්‍ර       සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා කවුද
පි       අසිත තවුසා
ප්‍ර       මහමායා දේවියගේ පියා කවුද
පි       අංජන රජු
ප්‍ර       මහමායා දේවිය ජිවත්වුනු අගනුවර කුමක්ද
පි       දෙව්දහ නුවර
ප්‍ර       මහමායා දේවියගේ සහෝදරිගේ නම  කුමක්ද
පි       ගෝතමී කුමරිය
ප්‍ර       පස්මහ බැලුම් (පංච මහා විලිකනය )නම් කරන්න
පි       කාලය,දීපය ,දේශය ,කුලය,මව
ප්‍ර       මහමායා දේවිය දුටු සිහිනය  කුමක්ද
පි       සුදු ඇත්පටවකු දේවිය සැතපුනු යහන වටා තුන්වරක් පැදකුණු කොට දකුණු ඇලයෙන් දේවියගේ කුස තුලට පිවිසීම
ප්‍ර       සිදුහත් කුමරු උපත ලැබුවේ කොහේද
පි       කපිලවස්තුපුර සහ දෙව්දහ නුවර අතර පිහිටි ලුම්බිණි සල් උයනේ

Thursday, June 12, 2014

බුදු උපත ගැන මිත්යාා මතය බිඳ වැටේ. නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගත් නව පුරාවස්තු සම්බුදු උපත පිළිබඳ පවතින මිත්යාල මත රැසකට පිළිතුරු ලබාදෙන බව පුරාවිද්යා චකරු උවර්තී පූජ්ය් එල්ලාවල මේධානන්ද හිමියන් පරදත කාශ කළා. ඒ, මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ලූම්බිණි සල් උයනෙන් සොයාගත් එම පුරාවස්තූන් පිළිබඳව හිරු පරය වෘත්ති අංශයට අදහස් දක්වමින්. ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්ලා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. එහි ඵෙතිහාසික පසුබිම පැහැදිලි කළ පුරාවිද්යා් චකර ත වර්තී පූජ්යඑ එල්ලාවල මේධානන්ද හිමියන් කියා සිටියේ ධර්මාශෝක අධිරාජ්යසයාගේ කාලයේ ලූම්බිණියේ පරිද්තිසංස්කරණ රැසක් සිදුවු බවයි. සම්බුදු උපත පිළිබඳ පවතින මිත්යාර මත රැසක් නව සොයා ගැනීමත් සමග දුරුවන බව පූජ්යර එල්ලාවල මේධානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

Sunday, June 8, 2014

බල්ලන් මරාගෙන කන කාලය ඇරඹේ



බල්ලන් මරාගෙන කන කාලය ඇරඹේ
දකුණු චීනයේ ගුආන්ෂි පළාතේ යූලින් වැසියෝ මේ දිනවල ඔවුන්ගේ වාර්ෂික චාරිත්‍රානුකූල උත්සවයකට ලක ලැහැස්ති වෙති. සෑම වසරකම ජුනි මස 21 වැනිදා ට එළඹෙන ග්‍රීෂ්ම ඍතු සූර්ය නිවෘත්ති දිනයේදී ඔව්හූ සුනඛ මස් ආහාරයට ගැනීම වසර ගණනාවක සිට චාරිත්‍රයක් ලෙස සිදු කරති. මේ චාරිත්‍රානුකූල උත්සවය වෙනුවෙන් ගුආන්ෂි පළාතේ සුනඛයන් දහස් ගණනක් ඝාතනය කෙරෙන අතර එනිසාම ඊට විරුද්ධව දැන් චීන ජනතාව අතරින්ම දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
පුරාණයේ සිට පැවැත එන මේ චාරිත්‍රයේදී එක් දිනක් වෙනුවෙන් සුනඛයන් 10000 ක් පමණ ඝාතනය වෙතැයි වාර්තා වේ. යූලින් වැසියන් සුනඛ ඝාතනයට ලක ලැහැස්ති වෙද්දී සත්ව හිංසනය පිටුදකින්නෝ ඊට එරෙහිව හඬ නැඟීමට දැන් සිටම ලක ලැහැස්ති වෙති.
සුනඛ මස් අනුභව කිරීමේ මේ වාර්ෂික උත්සවයේදී යූලින් වැසියෝ විවිධ ක්‍රමවලට පිසූ සුනඛ මස් ඉතා විශාල වශයෙන් ලිචී නමැති පලතුරු වර්ගය සහ ධාන්‍ය වර්ගවලින් පෙරූ සැර මත්පැන් සමඟ ආහාරයට ගනිති. සත්ව හිංසනය පිටු දකින්නන් වසර ගණනක සිට මේ චාරිත්‍රයට විරුද්ධව හඬ නැඟුවත් යූලින් වාසී බොහෝ දෙනා මේ සුනඛ මස් අනුභව කිරීමේ සංස්කෘතිය දිගටම පවත්වා ගෙන යෑමට උත්සාහ කරති.
ඔව්හූ උත්සවය සඳහා සුනඛයන් ඝාතනය කිරීමට විදුලිය සැර වැද්දීම ද සිදු කරති. ඉන්පසු සුනඛයන් පුලුස්සා හම ගසා ආහාරය සඳහා සකසති. උත්සව සමයේ දී යූලින් නගරය පුරා වීදි දෙපස ද මස් කඩවල ද මැරූ බල්ලන් ගොඩ ගසා තිබෙනු දැකිය හැකි අතර හම ගසා කොකුවල එල්ලූ සුනඛයන් විකිණීම සඳහා තිබීම ද සුලභ දසුනකි.
ඉතා ම්ලේච්ඡ වූ මේ චාරිත්‍රයට විරුද්ධව එන්න එන්නම චීනයේ අනෙකුත් පළාත්වලින් දැඩි විරෝධතා එල්ල වන අතර අන්තර්ජාලය හරහා ද ඊට විරෝධතා එල්ල වී තිබේ. ඊට අමතරව වීදි ඝෝෂා, පත්‍රිකා බෙදාහැරීම් සහ සුනඛ මස් අලෙවිකරන වෙළෙඳ සල් ඉදිරිපිට දණින් වැටී ආයාචනා කරමින් ද මේ චාරිත්‍රය පිටු දකින ලෙස ඉල්ලීම් කෙරේ.
චීනයේ සමහරු මේ චාරිත්‍රය පිටුදැකීම සඳහා මැදිහත් වෙන ලෙස ඉල්ලමින් ඇමෙරිකාවට හා එංගලන්තයට ද අන්තර් ජාලය හරහා ලිපි යවා තිබේ.
ඔවුන් සුනඛයන් ඝාතනය කරන්නේ ඉතාමත් ම්ලේච්ඡ අන්දමින්. ඇතැම් විට හම ගසද්දීත් පුලුස්සද්දීත් සුනඛයාගේ ප්‍රාණය මුළුමනින්ම නිරුද්ධ වී නැහැ. මෙය ඉතාමත් ම අමානුෂිකයි. ම්ලේච්ඡයි.යනුවෙන් මේ චාරිත්‍රයට විරුද්ධව හඬ නඟන්නෝ පවසති.
චීන ජාතිකයන් මේ චාරිත්‍රය නැවැත්වීම සඳහා මැදහත් වන ලෙස ඉල්ලා ඇමරිකානු ජනාධිපති ඔබාමා ට යැවීමට අත්සන් ලක්ෂයකින් යුත් පෙත්සමක් අත්සන් කිරීමට උත්සාහ කර ඇතත් අත්සන් ලක්ෂය එකතු කර ගැනීමට නොහැකි වීම නිසා එම ප්‍රයත්නය අත්හැර දමා තිබේ.
හොංකොං මූලස්ථාන කරගත් සත්ව අයිතීන් සුරකින සංගමයකට අනුව මෙසේ ඝාතනය කෙරෙන බොහෝ සතුන් දඩාවතේ යන හෝ පැහැරගත් සුනඛයෝය. එසේ එකතු කරගත් සතුන් ට්‍රක්රථ පිටින් ඉතාම අපිරිසුදුවට නගරයට ගෙන එති. එමඟින් ජලභීතිකාව වැනි රෝග වැලඳීමේ ප්‍රවණතාව ද වැඩිවී තිබේ.
සොරාගත් සුනඛයන් නිරෝධායන සහතික නොමැතිව ඉතා කුරිරු ලෙස ඝාතනය කර ඉතා අඩු මුදලට ආපන ශාලාවලට විකුණනවායැයි සත්ව අයිතීන් සුරකින්නෝ චෝදනා කරති.
එසේ වුවද, යුලින් නගර බලධාරීන් පවසන්නේ මේ සඳහා සුනඛයන් සපයා ගන්නේ ගොවිපොළ මගින් බවයි.
කෙසේ වුවද එක් දිනක් සඳහා මෙලෙස සුනඛයන් ඝාතනය වීම ගැන දැඩි විරෝධතා එල්ල වුවත් යුලින් වැසියෝ මඟ දිග ආපන ශාලාවල හෝ නිවෙස්වල සිට සුනඛ මස් බුදීමට දැඩි ප්‍රියතාවක් දක්වති.
චීන්නු සුනඛ මස් සීත කාලය සඳහා ඉතා හොඳ පෝෂණයෙන් යුතු ආහාරයක් ලෙස සලකති. එසේම වාජීකරණ ගුණයෙන් යුතුයැයි පැවසෙන සුනඛ මස් චීන වෛද්‍යවරු ඇතැම් ලෙඩ රෝග නිවාරණය සඳහා ද නියම කරති.